ළමා හා කාන්තා කටයුතු රාජ්ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය 2022.10.31 දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක.
ගරු රාජ්ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය 2022.10.31 දින හදිසියේ ජාතික ළමා ආරක්ෂක අධීකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.එහිදී නිලධාරීන් සමග දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර අධිකාරියේ ප්රගතිය හා පැවති අඩුපාඩු නිලධාරීන් විසින් රාජ්ය ඇමතිනියට දැනුම් දුන්නාය.
මෙහිදී කාන්තාවන් හා ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැවති 1929 පැය 24 සේවාවේ නිලධාරීන් ප්රමාණය ප්රමාණවත් නොමැති බැවින් වහාම ඒ සඳහා අතිගරු ජනාධිපති තුමා සමග සාකච්ඡා කර එම සේවාව යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව පැවසීය.
මේ අවස්ථාවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.