ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණීය 2022.11.01 දින UNICEF ශ්‍රී ලංකා නියෝජිතයන් හමුවේ. UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත මිරැන්ඩා ආම්ස්ටෝන් මහත්මිය
UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයන් සමග ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වියයුතු හා ලබා දිය හැකි දායකත්වය පිළිබඳව සාකච්ඡාවක් ගරු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022.11.01 දින අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී අවුරුදු 2ට අඩු දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම සම්බන්ධයෙන් වන නීතිරීති අවු 5 දක්වා පුළුල් කරන ලෙසත්,වීදි දරුවන් හා අවතැන් දරුවන් වෙනුවෙන් සුරැකුම් මධ්‍යස්ථාන කිහිපයක අවශ්‍යතාවය ගරු අමාත්‍යතුමිය විසින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන ලදී.
මේ අවස්ථාව සඳහා UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත මිරැන්ඩා ආම්ස්ටෝන් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය