කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர்இ சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

කංසා නිතී ගත කළහොත් කාන්තාවන් සහ ළමුන් දැඩි භයානක තත්වයකට මුහුණ පාන බවත්, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා අමාත්‍යාංශයක් ලෙස එක්ව කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යතුමිය ඒ අදහස් පළකළේ 2023 වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ එම අමාත්‍යංශයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යතුමිය මෙසේද පැවසුවාය. වැඩ නොකර මියයනවා වෙනුවට වැඩ කර මියයෑම සුදුසුයි. පසුගිය සමයේ සංස්කෘතික රාජ්‍ය අමාත්‍යංශයේ විශාල වැඩ කොටසක් සිදු කළා. එහි ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබියදී මා, ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කළා. මෙම ස්ථාන මාරු කිරීමට මා බෙහෙවින්ම සතුටු වන බව ප්‍රකාශ කළාය.

විශාල කර්මාන්ත ශාලා රැසක් මා විසින් ආරම්භ කළා, 14,000 ක් පමණ ශ්‍රී ලාංකිකයින්ට රැකියා සපයා දුන්නා, 27 අවුරුද්දක් අධ්‍යක්ෂක ධූරය හොබවා ඇති මා හට හොරෙක් යැයි ආමන්ත්‍රණය කරන විට බෙහෙවින්ම කම්පාවට පත්වූ බව කීවාය.

ඇමරිකානු තානාපතිනිය සමඟ පසුගියදා විශේෂ සාකච්ඡාවක් කළා. අපේ දරුවන්ගේ මන්ද පෝෂණය තුරන් කිරීමට තානාපතිනිය බෙහෙවින්ම උදව් කරන බව පැවසුවා. දරුවන් 562,000 ක් පමණ පුර්ව ළමාවියේ සිටද, එයින් අධික දිළිදු කමින් පෙළෙන දරුවන් 155,000 ක පිරිසකටද, 300,000 ක් පමණ ගැබිණි මව්වරුන්ට ඔවුන්ට පෝෂදායි ආහාර වේලක් ලබා ගැනීමටද රු.4,500.00 ක මුදලක් ද ගෙවීමට කටයුතු කරන බවයි. එමෙන්ම නිරෝගීමත් දරුවෙකු බිහි කිරීම අපගේ වගකීම බවද අමාත්‍යවරිය පැවසුවාය.

සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා සහ අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Posted in Highlights, Ministry News on Jan 03, 2023