කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர்இ சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

බස්නාහිර පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති පානදුර ප්‍රජාපතී රජයේ ළමුන් භාර ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකරන ලද අභ්‍යන්තර ළමා උද්‍යානය ගරු අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා විසින් විවෘත කරන ලදී. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය යටතෙහි ක්‍රියාත්මක මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයෙහි මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද මෙම ළමා උද්‍යානය නේවාසිකව සිටින දරු දැරියන්ගේ සංවර්ධන අවස්ථා වඩාත් පුළුල් කිරීමට අවස්ථාව සලසනු ඇත.

Posted in Highlights, Ministry News on Jan 11, 2021