Posted in Highlights, Ministry News on Feb 23, 2021
International Women's Day 2021
Logo
Theam /තේමාව
"රටකී දැයකී ලොවකී ඇය"
Posted in Highlights, Ministry News on Jan 21, 2021
මේ සම්බන්ධයෙන් අංශ වෙත යොමු කරන ලද ලිපිය හා දැනුවත් කිරීම සඳහා නිර්මාණය කරන ලඳ අත්පත්‍රිකාව මෙතනින් බාගත කර ගත හැක.
නැණ ප්‍රදීප වැඩසටහන සඳහා නිර්මාණය කල වීඩීයෝ පටය
Posted in Highlights, Ministry News on Jan 21, 2021
මුල් ළමාවිය සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන නිලධාරී සහ උපදේශන සහකාර නිලධාරීන්ගේ වාර්ෂීක අභ්‍යන්තර ස්ථාන මාරුවීම් සඳහා අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය 2021 ජනවාරී මස 23 වන දින දක්වා දීර්ඝ කරනු ලැබේ. මේ සම්බන්ධව අමාත්‍යාංශ මගින් නිකුත් කරන ලඳ ලිපිය මෙතනින් බාගත කර ගන්න.
Posted in Highlights, Ministry News on Jan 11, 2021
බස්නාහිර පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති පානදුර ප්‍රජාපතී රජයේ ළමුන් භාර ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකරන ලද අභ්‍යන්තර ළමා උද්‍යානය ගරු අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා විසින් විවෘත කරන ලදී. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය යටතෙහි ක්‍රියාත්මක මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයෙහි මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද මෙම ළමා උද්‍යානය නේවාසිකව සිටින දරු දැරියන්ගේ සංවර්ධන අවස්ථා වඩාත් පුළුල් කිරීමට අවස්ථාව සලසනු ඇත.
Posted in Highlights, Ministry News on Dec 15, 2020
අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන ස්ථාපිත කිරීම
පුරුෂයින්ට මෙන්ම ස්ත්රීන්ට ද සමානාත්මතාවයකින් හා සම සාධාරණත්වයකින් යුතුව කටයුතු කිරීමට හා තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම, රාජ්‍ය ආයතන තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදු වන හිංසනයන් අවම කිරීම යන අරමුණු ඉටු කර ගැනීම උදෙසා කටයුතු කිරීම වෙනුවෙන් අමාත්‍යාංශ මට්ටමින් දියත් කරන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන ස්ථාපිත කිරීමේ වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව වගකීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි අදාල අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරයෙකු/ අධ්‍යක්ෂකවරයෙකු යටතට පැවරීමට කටයුතු කර ඇත. එසේම, මෙම වැඩසටහන අමාත
Posted in Highlights, Ministry News on Dec 08, 2020
ළමා ලේකම් කාර්යාලයේ ආයතනික නාමය සංශෝධනය වීම
ළමා ලේකම් කාර්යාලයේ ආයතනික නාමය " මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය( National Secretariat for Early Childhood Development / முன் பிள்ளைப்பருவ அபிவிருத்திக்கான தேசிய செயலகம்)"ලෙස සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය 2020/12/07 දින ලැබී ඇත.
Posted in Highlights, Ministry News on Nov 02, 2020
වනිතා සංවර්ධන නිලධාරී,උපදේශන සහකාර නිලධාරී,මුල් ළමාවිය සංවර්ධන සහකාර නිලධාරී යන තනතුරයන්ට අයත් අභ්‍යාන්තර ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත සහ ලිපිය වෙබ් අඩවියේ ස්ථාන මාරුවීම් මගින් භාගත කළ හැක.මේ සඳහා මෙතනින් පිිවිසෙන්න.
Posted in Highlights, Ministry News on Nov 02, 2020
කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අප අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා ගරු රාජ්‍ය අමාත්‍ය එච්. එම්. පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනය Online ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ] මෙහි සදහන් සබැදිය (Link) www.bit.ly/pnonlinepublicday වෙත පිවිස පවතින ගැටලු/යෝජනා ඉදිරිපත් කළ යුතු අතර අප අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.childwomenmin.gov.lk වෙත පිවිසීමෙන්ද අදාළ සබැදිය වෙත පිවිසීමේ හැකියාව තිබේ.
සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනයට අදාළව රාජ්‍ය අමාත්‍යතුමාට ඉදිරිපත් කිරීමට ඇති ගැටලු ඉරිදා දින පස්වරු 7 වන විට ඉදිරිපත් කළ යුතු බව අමාත්‍ය කාර්ය
Posted in Highlights, Ministry News on Oct 29, 2020
The Chairman, State Ministry Consultant’s Procurement Committee invites bidders to place a sealed technical and financial proposal on “Developing a Digital Marketing Platform” in the mailbox bearing the name of our Ministry on or before 2:00 pm on November 09, 2020 at the entrance of the Ministry. Please mention the “Develop Digital media platform” at the top left corner of the envelope.