කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் உலர்வலய அபிவிருத்தி அமைச்சு

Ministry of Women & Child Affairs and Dry Zone Development

“හෙට දින දිනන දරුවෝ”දැනුවත් කිරීමේ වැඩසටහන

මානව සම්පත ආශ්‍රිතව පවත්නා ගැට‍ළු අවම කර ශ්‍රී ලංකාව ලොව බබළන රාජ්‍යයක් බවට පත් කිරීමේ මූලික වගකීම වර්තමාන ළමා පරපුරට පවත්නා අභියෝගයකි. නමුත් දිනෙන් දින සිදු වන තාක්ෂණික දියුණුවත් සමඟ සංකීර්ණ බවට පත් වී ඇති දරුවන්ගේ ජීවන රටාවන් හා බැඳී තිබෙන විවිධ ගැටළු වන පවුල් ආරවුල්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීම, ළමා කායික හා මානසික හිංසන, ළමා අපයෝජන හා නොසළකා හැරීම් වැනි දෑ හේතුවෙන් වඩා යහපත් හා ගුණාත්මක පෞරුෂයන්ගෙන් යුත් පුරවැසියන් ලෙස සමාජයට එක් වීම වර්තමාන ළමා පරපුරට විශාල ලෙස ගැටළුකාරී වී තිබේ. එබැවින් මෙම තත්වය වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් සිදු කරනු ලබන යම් මැදිහත් වීමක් ලෙස ළමුන්ගේ චිත්තවේග පාලනය තුළ සාර්ථක පුරවැසියෙකු බිහි කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වනු ලැබූ දෙවන වැඩසටහන හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරය තුළදී හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, පහත්ගම රෝමානු කතෝලික කන්‍යාරාමය, තුණ්නාන ශ්‍රී සුමණ ජෝති මහා විද්‍යාලය, මායා දුන්න මහා විද්‍යාලය, ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය, යන පාසල් වල ඉගෙනුම ලබන දරුවන් අතරින් දරුවන් 800ක් සහ ඔවුන්ගේ දෙමාපියන් 100ක ගේ සහභාගීත්වයෙන් 2019.01.22 දින කාන්තා හා ළමා කටයුතු සහ වියලි කළාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.9.00 සිට ප.ව.12.00 දක්වා සිදු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා අමාත්‍යාංශයීය අතිරේක ලේකම් (සංවර්ධන) ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා සංවර්ධන ඒකකයේ සියලු නිලධාරින්ද සහභාගී වන ලදී. උක්ත වැඩසටහන මනෝ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් හසල දැනුමක් හා පළපුරුද්දක් ඇති මහනුවර මහ රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක සහ මනෝ චිකිත්සක විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාගේ සම්පත් දායකත්වයෙන් ඉතා සාර්ථකව සිදුකරන ලද අතර වැඩසටහනේ අරමුණ නිරූපණය වන පරිදි රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගනුම ලබන දරුවන් කිහිපදෙනකු විසින් ඉදිරිපත් කරන ලද අර්ථවත් ගීත ගායනා සහ රංගනයන් ඇසුරින් ඉතා විචිත්‍රවත්ව සිදුකිරීමට හැකි විය.


Posted in Highlights, Ministry News on Jan 28, 2019