කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

  • කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ක්‍රියාකාරී සැලැස්ම (WPS) පිරිනමන ලදී

    Posted in Highlights, Ministry News on Dec 06, 2022

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු මිසුකොෂි හිදෙයාකි ( Mizukoshi Hideaki ) මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තා ප්‍රධානී රමායා සල්ගාදු මිය විසින් කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ක්‍රියාකාරී සැලැස්ම (WPS) කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය වෙත අද (06) උදෑසන පිරිනමන ලදී.

    https://www.youtube.com/watch?v=-mSUxQV9pZY

    https://www.youtube.com/watch?v=En1ifSYB39E

  • 2022.11.17 දින පාර්ලිමේන්තුවේදී සිදුකල කතාව

    Posted in Highlights, Ministry News on Nov 18, 2022

    2022.11.17 දින කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී සිදුකල කතාව

    https://youtu.be/Nqi812a6XDA

  • පෙර පාසල් ක්ෂ්‍රේත්‍රය ආහාර සුරක්ෂිතතාව හා දිළිඳු ජන කොට්ඨාස සඳහා උපකාර කිරීමට ලෝක බැංකු සහය

    Posted in Highlights, Ministry News on Nov 15, 2022

    පෙර පාසල් ක්ෂ්‍රේත්‍රය ආහාර සුරක්ෂිතතාව හා දිළිඳු ජන කොට්ඨාස සඳහා උපකාර කිරීමට ලෝක බැංකු සහය

    උදෑසන ආහාර ළමුන් 155,000 කට ලබා දීමේ වැඩසටහන හා පන්ති සහන ගාස්තු ළමුන් 37,500 කට ලබාදීමේ වැඩසටහන 2023 මැයි මාසය දක්වා ක්‍රියාත්මක වන අතර කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිණී ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියගේ ඉල්ලීම මත 2023 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය දෙන ලෙසත් ඒ තුලින් පෙර පාසල් ක්ෂේත්‍රයට වැඩි ප්‍රතිලාභ අත්වන බවත් පැවසීය.

    මෙම ඉල්ලීම සිදුකරන ලද්දේ 2022 නොවැම්බර් මස 15 දින සෙත්සිරිපාය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවති ලෝක බැංකු නියෝජිත පිරිස සමග පැවති සාකච්ඡාවකදීය.මෙම අවස්ථාවට ,ලියන් ...

  • ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය 2022.10.31 දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක

    Posted in Highlights, Ministry News on Nov 10, 2022

    ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය 2022.10.31 දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක.

    ගරු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය 2022.10.31 දින හදිසියේ ජාතික ළමා ආරක්ෂක අධීකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.එහිදී නිලධාරීන් සමග දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර අධිකාරියේ ප්‍රගතිය හා පැවති අඩුපාඩු නිලධාරීන් විසින් රාජ්‍ය ඇමතිනියට දැනුම් දුන්නාය.

    මෙහිදී කාන්තාවන් හා ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැවති 1929 පැය 24 සේවාවේ නිලධාරීන් ප්‍රමාණය ප්‍රමාණවත් නොමැති බැවින් වහාම ඒ සඳහා අතිගරු ජනාධිපති තුමා සමග සාකච්ඡා කර එම සේවාව යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව පැ

  • ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණීය 2022.11.01 දින UNICEF ශ්‍රී ලංකා නියෝජිතයන් හමුවේ. UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත මිරැන්ඩා ආම්ස්ටෝන් මහත්මිය

    Posted in Highlights, Ministry News on Nov 10, 2022

    ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණීය 2022.11.01 දින UNICEF ශ්‍රී ලංකා නියෝජිතයන් හමුවේ. UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත මිරැන්ඩා ආම්ස්ටෝන් මහත්මිය

    UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයන් සමග ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වියයුතු හා ලබා දිය හැකි දායකත්වය පිළිබඳව සාකච්ඡාවක් ගරු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022.11.01 දින අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    මෙහිදී අවුරුදු 2ට අඩු දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම සම්බන්ධයෙන් වන නීතිරීති අවු 5 දක්වා පුළුල් කරන ලෙසත්,වීදි දරුවන් හා අවතැන් දරුවන් වෙනුවෙන් සුරැකුම් මධ්‍යස්ථාන කිහිපයක අවශ්‍යත

  • ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය 2022.11.02 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම

    Posted in Highlights, Ministry News on Nov 10, 2022

    ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය 2022.11.02 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම

  • 2022.11.09 දා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡාව

    Posted in Highlights, Ministry News on Nov 10, 2022

    ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය 2022.11.09 දා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් සඳහා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී එක් වෙමින්.

    ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා යැයි ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය පැවසුවාය.

    ඇය මෙම අදහස් පල කළේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් සඳහා 09 දා අමාත්‍යාංශ ශ්‍ර

  • National training for women entrepreneurs 2022

    Posted in Highlights, Ministry News on Nov 02, 2022

    National training for women entrepreneurs on business promotion through E-commerce and Digital Marketing organized by UNESCAP started on the 1st November 2022 at Suhurupaya Auditorium . It will be continued till 3rd November 2022.

  • මඩකලපුව සුහුරුලිය වැඩසටහන

    Posted in Highlights, Ministry News on Oct 29, 2022

    මඩකලපුව සුහුරුලිය වැඩසටහන

    සුහුරුලිය කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ තවත් කාන්තා ව්‍යවසායිකාවන් 100ක් සඳහා මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාරවල මෙන්ම එදිනෙදා ජීවිතයේදී තාක්ෂණ ඵලදායී ලෙස භාවිතා කිරීමට හැකියාව ලබාදේ. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ META ආයතනය එක්ව 2022 දී කාන්තා ව්‍යවසායකයින් 2,000ක් සවිබලගැන්විම සදහා ICTA ආයතනය සමග කටයුතු කරයි. මෙම වැඩසටහන 2022 ඔක්තෝම්බර් 27 වැනි දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

  • අම්පාර සුහුරුලිය වැඩසටහන

    Posted in Highlights, Ministry News on Oct 27, 2022

    අම්පාර සුහුරුලිය වැඩසටහන

    ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාවන්ගේ සමාජ සහ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට සහය දැක්වීමේ "සුහුරුලිය" වැඩසටහන කාන්තා ව්‍යවසායිකාවන් 100ක් සඳහා අද ( 2022/10/26 ) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීපැවැත්වේ. මෙම වැඩසටහන මගින් කාන්තා ව්‍යවසායකයින්ට තම ව්‍යාපාරය වර්ධනය කර ගැනීම සඳහා තාක්‍ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීමට හැකි වන පරිදි "ඩිජිටල් අලෙවිකරණය" පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ICTA විසින් META සහාය ඇතිව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරයි.