කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

සුහුරුලිය 2.0 - ක්‍රමෝපායන් සකස් කිරීමේ තාක්ෂණික වැඩමුළුව

ක්‍රමෝපායන් සකස් කිරීමේ තාක්ෂණික වැඩමුළුව 2023.05.15 දින ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ශ්‍රවණාගාරයේ දී වැඩසටහනේ ප්‍රධාන පාර්ශව ආයතන වල ද සහභාගිත්වයෙන් පැවැත්විණ.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශ නිලධාරීන්ද සුහුරුලිය 2.0 වැඩසටහන ඉදිරියට සිදු කිරීමේ ක්‍රමවේද සැකසීම පිළිබඳ දායකත්වය ලබාදෙන ලදී.

මෙම තුන් අවුරුදු වැඩසටහන තුළින් ව්‍යවසායක කාන්තාවන්ගේ පමණක් නොව ශ්‍රී ලංකාවේ සියලු කාන්තා කණ්ඩායම්වල තොරතුරු තාක්ෂණ අවශ්‍යතා හඳුනාගැනීම හා ඒවා ළඟා කර ගැනීමේ ක්‍රමවේද සකස් කෙරෙනු ඇත.

Posted in Highlights, Ministry News on May 16, 2023