අම්පාර සුහුරුලිය වැඩසටහන
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාවන්ගේ සමාජ සහ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට සහය දැක්වීමේ "සුහුරුලිය" වැඩසටහන කාන්තා ව්‍යවසායිකාවන් 100ක් සඳහා අද ( 2022/10/26 ) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීපැවැත්වේ. මෙම වැඩසටහන මගින් කාන්තා ව්‍යවසායකයින්ට තම ව්‍යාපාරය වර්ධනය කර ගැනීම සඳහා තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීමට හැකි වන පරිදි "ඩිජිටල් අලෙවිකරණය" පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ICTA විසින් META සහාය ඇතිව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරයි.