මඩකලපුව සුහුරුලිය වැඩසටහන
සුහුරුලිය කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ තවත් කාන්තා ව්‍යවසායිකාවන් 100ක් සඳහා මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාරවල මෙන්ම එදිනෙදා ජීවිතයේදී තාක්ෂණ ඵලදායී ලෙස භාවිතා කිරීමට හැකියාව ලබාදේ. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ META ආයතනය එක්ව 2022 දී කාන්තා ව්‍යවසායකයින් 2,000ක් සවිබලගැන්විම සදහා ICTA ආයතනය සමග කටයුතු කරයි. මෙම වැඩසටහන 2022 ඔක්තෝම්බර් 27 වැනි දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.