කාන්තාවන් ආර්ථික සාමාජීය වශයෙන් සවිබල ගැන්වීමේ CEDAW විශේෂ ව්‍යාපෘතිය - “ දිරිය වනිතා ” නිෂ්පාදන හා අලෙවි මධ්‍යස්ථානය සමාරම්භක උත්සවය - අම්පාර දිස්ත්‍රික්කය-2021-03-14
1981 ශ්‍රී ලංකාව විසින් එකඟතාවය පළ කරන ලද කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් නිර්ණායකයන්හි අන්තර්ගත ගෘහමූලික කාන්තාවන් ප්‍රමුඛ දරිද්‍රතාවයෙන් පෙළෙන සහ ආබාධිත තත්ත්වය නිසා අගතියට පත් අවදානම් මට්ටමේ සිටින කාන්තාවන් ණයගැතිභාවයෙන් මුදවා ගැනීමේ අරමුණින් හා ළමුන්ගේ හා කාන්තාවන්ගේ රැකවරණය, ආරක්ෂාව හා සංවර්ධනය තහවුරු කිරීම සඳහා හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25 ක කඩිනම් සංවර්ධන ව්‍යාපෘති කිරීම ද මෙහි අපේක්ෂාව විය. එහිදී, උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන ගැටුම්වලින් හා දරිද්‍රතාවයෙන් විපතට පත්ව අවදානම් තත්ත්වයන්ට මුහුණු දී සිටින කාන්තා ගෘහමූලික පවුල් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, අදාළ දිස්ත්‍රික්කයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය අතින් ඉතා අඩු මට්ටමක පවත්නා සහ ළමා හා කාන්තා සංවර්ධන ක්ෂේත්‍රයේ ගැටළු බහුලව ම උද්ගත වී ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉලක්ක කර ගන්නා ලදි. ඒ අනුව, අම්පාර දිස්ත්‍රික්කයේ, අම්පාර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය ඉලක්ක කර ගනිමින් අම්පාර දිස්ත්‍රික් ලේකම් විසින් ප්‍රතිලාභී කාන්තාවන් 37 දෙනෙකු වෙනුවෙන් පහත සඳහන් ව්‍යාපෘති ද්විත්වය අප අමාත්‍යාංශය වෙත යෝජනා කර එවන ලදි.
- දිරිය වනිතා ඇඟලුම් හා පාවහන් නිෂ්පාදන ව්‍යාපෘතිය
- දිරිය වනිතා අත් යන්ත්‍ර නිෂ්පාදන ව්‍යාපෘතිය
අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ පරිගණක එම්බ්‍රොයිඩර් යන්ත්‍රයක් නොමැති වීමත්, ඒ සඳහා නුවර, කොළඹ වැනි ප්‍රදේශ වෙත යොමු වීම වළක්වා දිස්ත්‍රික්කයේ අවශ්‍යතා දිස්ත්‍රික්කය තුළ ම ඉටු කරගනිමින් ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සහ මේ ආශ්‍රිත ගැණුම්කරුවන් සොයා ගැනීමේ හැකියාව මෙන්ම අදාළ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමය සහිත ප්‍රතිලාභී කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් සමන්විත වීමත්, අත් යන්ත්‍ර නිෂ්පාදන සඳහා නිරන්තර වෙළෙඳපොල වටිනාකමක් සහිත වීම මෙම ව්‍යාපෘති ද්විත්වය ආරම්භ කිරීමට මහඟු රුකුලක් විය. මෙකී අරමුණු ඇතිව 2019 වර්ෂයේ දී ආරම්භ කරන්නට යෙදුණු මෙම ව්‍යාපෘති දිවිත්වය සඳහා තවත් පිටිවහලක් වූයේ 2019 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද “ සෞභාග්‍යයේ දැක්ම ” ජාතික ප්‍රතිපත්තිය තුළින් ද තහවුරු කර තිබීම යි. එම ජාතික ප්‍රතිපත්තියේ 04 වන පරිච්ඡේදයේ සඳහන් පහත කරුණු අප ව්‍යාපෘතීන් හි ගැබ්ව තිබීම මෙම වැඩසටහන සඳහා මහඟු අවස්ථාවක් විය.
- ගැටුම්වලින් හා දරිද්‍රතාවයෙන් විපතට පත් කණ්ඩයම් ඉලක්ක කර ගනිමින් කාන්තාවන් සඳහා ස්වයංරැකියා කර්මාන්ත අවස්ථා උදා කිරීම.
- එහි සඳහන් “ ගැමි ලියට රටේ සවිය ” තේමාවට අනුව, ග්‍රාමීය කාන්තාවන් වෙනුවෙන් ඒ ඒ ප්‍රදේශයට ආවේණික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපෘතීන් හඳුන්වා දීම මෙන්ම රාජ්‍ය අනුග්‍රහය සහ අධීක්ෂණය සිදු කිරීම.
- නිශ්චිත වෙළෙඳපොලක් වෙත යොමු කරවීම මඟින් එම පවුල් වෙත දරිද්‍රතාවයෙන් මිදීම සඳහා වූ ආදායම් මාර්ගයක් සකස් කර දීම හා අපනයන ආර්ථික ක්‍රියාවලිය සඳහා දායක කරවීම.
- අවිධිමත් හෝ බාහිර අංශ වෙත කාන්තාවන් ණයගැති වීම අවම කිරීම.
මෙකී සියලු තත්ත්වයන් සළකා බලා අම්පාර දිස්ත්‍රික්කයේ, අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෘජු ප්‍රතිලාභීන් 37 දෙනෙකු අරබයා එවකට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ද අනුදැනුම ඇතිව අප අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වයෙන්, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය සහ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතීන් ආරම්භ කරන්නට යෙදුනි
වැඩසටහනින් අපේක්ෂිත ප්‍රතිඵල :-
1. දිළිඳුභාවයෙන් පෙළෙන පවුල්වල කාන්තාවන්ගේ ආදායම් මට්ටම ඉහළයාම සහ ඔවුන්ට ස්ථිර ආදායම් මාර්ග හිමිවීම.
2. දිළිඳුභාවය නිසා ගොදුරු වන ණයගැතිභාවයෙන් මිදීමට අවස්ථාව ලැබීම.
3. කාන්තාවන් යැපීම් මානසිකත්වයෙන් මුදවා ගැනීම හා ඔවුන් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට
සක්‍රීයව දායක වන ප්‍රජාවක් බවට පත්වීම.
4. වෙළෙඳපොල සඳහා භාණ්ඩ / සේවා නිෂ්පාදනය කිරීම හා අපනයන ආර්ථිකය කෙරෙහි
කාන්තාවන් යොමු වීම.
5. සාමාජීය වශයෙන් සවිමත්භාවය ලැබීම
සෘජු ප්‍රතිලාභීන් / සහභාගීවන්නන්:-
1. විශේෂයෙන් උතරු, නැගෙනහිර පළාත් සහ සෙසු දිස්ත්‍රික්කයන් හි ස්ථිර ආදායම් මාර්ග
නොමැති කාන්තාවන්
2. දිළිඳු කාන්තාවන් හා ආබාධ සහිත කාන්තාවන්
3. පාසල් අධ්‍යාපනය නිම කළ තරුණ කාන්තාවන්
4. ගෘහ සේවය සඳහා විදේශගත වීමට අපේක්ෂිත කාන්තාවන්
5. ව්‍යාපාර ආරම්භ කිරීමට හැකි නමුත්, පුහුණු හෝ දැනුවත්භාවය ප්‍රමාණවත් නොමැති
කාන්තාවන්
දිරිය වනිතා නිෂ්පාදන:- ➢ අත් යන්ත්‍ර සාරි, හෑන්ඩ් බෑග් හා පාවහන් ඇතුළත් කට්ටලයක් ➢ අත් යන්ත්‍ර කුර්තාව, ලුංගි හා සරම් ➢ සියලු එම්බ්‍රොයිඩර් විලාසිතා ➢ කාන්තා හා ළමා ඇඳුම් ➢ ඇඳ ඇතිරිලි හා කොට්ට උර ➢ පාසල් ළමුන්ගේ බැජ්, කැප්,ටයි හා නිල ඇඳුම්
එසේම, දිරිය වනිතා නිෂ්පාදන මධ්‍යස්ථානයේ එළිමහන් පරිශ්‍රය තුළ ද ව්‍යවසායක කාන්තාවන් සඳහා ව්‍යවසායක අවස්ථා සපයා දීමට කටයුතු කරන ලදි. ➢ මල් හා මැටි ආශ්‍රිත නිෂ්පාදන ➢ පන් ආශ්‍රිත නිෂ්පාදන ➢ දේශීය නිෂ්පාදන (ධාන්‍ය වර්ග, සහල්, මිරිස්, තුනපහ කුඩු) ➢ දේශීය ආහාරපාන
දැයේ කාන්තාවන් ද්‍රරිද්‍රතාවයෙන් මුදවා ගනිමින්, ඔවුන්ගේ ජීවන අරගලයට සවියක් වන්නටත්, ඔවුන් රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීමටත්, මෙන්ම කාන්තාවන් දේශීය නිෂ්පාදන කෙරෙහි නැඹුරු කරමින් අපනයන වෙළඳපොල දක්වා රැගෙන යාමත් අරමුණු කරගනිමින් 2021.03.14 වන දින පෙ.ව.9.30 කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමන් හා වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදි කිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය ගරු විමලවීර දිසානායක මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් ව්‍යවසායක කාන්තාවන්ගේ අයිතියට පත් කරන ලදි.
එහිදී, “ දිරිය වනිතා ” නිෂ්පාදන හා අලෙවි මධ්‍යස්ථානයට අදාළ නිල Face book වෙළඳ පිටුව ගරු රාජ්‍ය අමාත්‍යතුමා විසින් විවෘත කිරීමට කටයුතු කරන ලද අතර, එළිමහන් පරිශ්‍රය තුළ ව්‍යවසායක කාන්තා නිෂ්පාදන ඇතුළත් වෙළඳ කුටි ඇතුළත් ප්‍රදර්ශනයක් හා අත් යන්ත්‍ර නිෂ්පාදන, එම්බ්‍රොයිඩර් විලාසිතා සහිත ඇඟලුම් මෙන්ම වෙනත් ගෘහාශ්‍රිත නිෂ්පාදන ඇතුළත් දිරිය වනිතා නිෂ්පාදන ඇතුළත් අලෙවි කුටිය රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමන්ගේ සුරතින් විවෘත කරමින් නිෂ්පාදන මිල දී ගැනීමට කටයුතු කරන ලදි.