ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

1998 අංක 50 දරන පනතට අනුව ළමා අපයෝජන වැළැක්වීමේ ප්‍රතිපත්ති සහ නීති පිළිබඳව රජයට උපදෙස් දීම සහ එවැනි අපයෝජනයන්ට ගොදුරු වන ළමයින් ආරක්ෂා කිරීම සහ ප්‍රතිකාර සදහා යොමු කිරීම සහ සියළුම ආකාරයේ ළමා අපයෝජනවලට එරෙහිව ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා පිහිටුවන ලදී. 

ළමා ආරක්‍ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සැකසීම, ජාතික දත්ත සමුදාය සංවර්ධනය, ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රජා මූලික වැඩසටහන් සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජ්‍ය අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම, පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටුවීමේ ජාතික වැඩ සටහන (සුරකුම්පව්ව), පාසල් ශිෂ්‍ය නායකයින් සඳහා “ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන”, පාසල් ළමුන් සඳහා ළමා මනෝවිද්‍යාව සහ මනෝ සමාජයීය වැඩසටහන, හදිසි ආපදා අවස්ථාවන්හිදී ළමුන් සඳහා ළමා ආරක්ෂණ සහ හදිසි සහන වැඩසටහන, ආන්තික, අවදානම් හෝ ළමා අපයෝජනවලට ලක්වූවන්ට අධ්‍යාපනික ආධාර හෝ අවශ්‍ය සහය ලබා දීම  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් ක්‍රියාවට නංවන ප්‍රධාන වැඩසටහන් කිහිපයකි.

තවද, අපරාධ නඩු කටයුතු, ළමා අපයෝජන සහ අධිකරණ ක්‍රියාදාමයන් සම්බන්ධ විශේෂ විමර්ශන, අධීක්ෂණ පරීක්ෂණ සහ සයිබර් නියාමන ක්‍රියාමාර්ග පැවැත්වීම. 1929 ළමා උපකාරක සේවාව සහ 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ යෙදුම ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා ළමා හිතකාමී වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක පිහිටුවීම, නඩත්තු කිරීම සහ ළමුන් සඳහා සහාය ලබා දීම ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් සිදුකරන ප්‍රධාන වැඩසටහන් කිහිපයකි. 

අපගේ දැක්ම 

ළමුන් සඳහා ළමා හිතකාමී හා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම.

අපගේ මෙහෙවර 

ළමුන් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් සුරක්ෂිත කිරීම.

www.childprotection.gov.lk