ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය

ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා කාන්තාවන්ගේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන ජාතික යාන්ත්‍රණය ලෙස සාමූහික ප්‍රවේශයක් තුළ අයිතිවාසිකම් සහ අවස්ථාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් කාන්තා සංවිධාන ජාලයක් පිහිටුවීමට ප්‍රමුඛත්වය දී ඇත.

කාන්තා ගෘහ මූලික පවුල් සඳහා ස්වයං රැකියා අවස්ථා, කිලිනොච්චියේ පිහිටි කාන්තා ගෘහ මූලික පවුල් සවිබල ගැන්වීමේ ජාතික මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් ආදායම් උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ආපදා තත්ත්වයන්හිදී කාන්තාවන්ට සහන සැලසීම, විශේෂ හේතූන් මත සමාජ සංවේදීතාව අහිමි වූ කාන්තාවන් ආර්ථික හා සමාජයීය වශයෙන් සවිබල ගැන්වීම. "ජීවිතයට අරුතක්" වැඩසටහන හා සිරකරුවන්ගේ පවුල් සමාජයීය හා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන මැදිහත්වීම් වේ.

කාන්තා ව්‍යවසායකයින් සවිබලගැන්වීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමවලින් පීඩාවට පත් ග්‍රාමීය කාන්තාවන් හඳුනා ගනිමින් දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම සහ එමගින් සේවා සැපයීම, වෙළඳපල ප්‍රවර්ධන සහ වෙළෙඳ ප්‍රදර්ශන, ආදායම් උත්පාදන පුහුණු වැඩසටහන් පැවැත්වීම, ළමා නිවාසවල සිටින වයස 18ට වැඩි ගැහැනු ළමුන් සඳහා ජීවනෝපාය හා සුභ සාධක පහසුකම් සැපයීම,  ආබාධ සහිත කාන්තාවන් සවිබල ගැන්වීම සහ ජීවනෝපාය සංවර්ධනය, කාන්තා රැකවරණ නිවාස නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම ද සිදු වේ.

අපගේ දැක්ම 

ශ්‍රී ලාංකේය සමාජය සඳහා විචක්ෂණශීලී, සංවේදී සහ විශ්වාසවන්ත කාන්තා පරපුරක් නිර්මාණය කරන ජාතික ආයතනය බවට පත්වීම.

අපගේ මෙහෙවර 

ආත්ම විශ්වාසයෙන් යුතුව අභියෝගවලට මුහුණ දෙන කාන්තා පරපුරකට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා විධිමත් සංවිධාන රාමුවක් හරහා මනාව සැලසුම් සහගතව දැනුවත් කිරීම මගින් සක්‍රීය කරන ලද සමාජ හා ආර්ථික සවිබල ගැන්වීම් තුළින් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවඔවුන්ගේ ප්‍රඥාව සහ ශක්තිය උපරිමයෙන් හා ප්‍රයෝජනයට ගැනීමෙන් කාන්තා යහපැවැත්ම සඳහා ක්‍රියාත්මක වන ජාතික යාන්ත්‍රණය බවට පත්වීම.

www.counselling.childwomenmin.gov.lk