නවතම ප්‍රවෘත්ති

ළමා මූලික ආපදා අවදානම් අවමකරණ වැඩසටහන

news-banner

ළමා අයිතිවාසිකම් සම්මුතිය පිළිගත් රටක් ලෙස අර්ථාන්විත ළමා සහභාගීත්වය ලබා ගැනීමට පරිවාස දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ප්‍රධාන වැඩසටහනකි ළමා සමාජ වැඩසටහන.

මේ වැඩසටහන යටතේ දරුවන්ගේ දැනුම ,ආකල්ප,කුසලතා සංවර්ධනය කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක  වන අතර ළමා මූලික ආපදා අවදානම් අවමකරණ වැඩසටහන ඒ අතර වේ.යුනිසෙෆ් ආයතනයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ළමා  මූලික ආපදා අවදානම් අවමකරණ ව්‍යාපෘති රැසක් ළමා සමාජ වල දරුවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන ලද අතර  ඒ සඳහා  දරුවන්ට මගපෙන්වීම ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් /ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාරවරුන් විසින් සිදු කරන ලදී . 

එම ව්‍යාපෘති අතුරින් හොඳම ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් තෝරා  ගැනීම පසුගිය දින වලදී ලෝක ළමා දින වැඩසටහන් වලට  සමගාමීව සිදු කරන ලද අතර  2023 ඔක්තෝම්බර් 01 දිනට යෙදුනු ලෝක ළමා දින ජාතික උත්සවයේදී තෝරා ගත් හොඳම ව්‍යාපෘති ඇගයීමට ලක් කෙරිණි. එමෙන්ම ඒ පිළිබඳව අත්දැකීම් හුවමාරු කිරීමේ හා නිලධාරීන් ඇගයීමේ වැඩසටහනක් 2023-12-18 වන දින වෝටර්ස් ඒජ් හෝටලයේදී  උත්සවාකාරයෙන් පවත්වන ලදී. 

එමෙන්ම  එහිදී  ළමා මුලික ආපදා අවමකරණ සංකල්පය හා එහි නුතන ප්‍රවණතා මැයෙන් දැනුවත් කිරීමක් යුනිසෙෆ් ආයතනයේ ළමා ආරක්ෂක නිලධාරී මිහිලාහ්  මොහොමඩ් මහතාගේ සම්පත්දායකත්වයෙන් සිදුවිණි. 

මෙම වැඩසටහන සඳහා කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ  අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) එම්.එච්.ජී. බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂක(සැලසුම්) යෂිකා පීරිස් මහත්මිය හා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගී වූහ. 











logo