acc toolbox
color contrast
text size
highlighting content
zoom in
learn more about  toolbox

නවතම ප්‍රවෘත්ති

2025 නව වසර වෙනුවෙන් “Clean Sri Lanka පුරවැසි ප්‍රතිඥාව/ දිවුරුම“

news-banner

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ ගරු අමාත්‍යතුමිය හා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමන් ලේකම්තුමිය ඇතුළු සියලු කාර්යමණ්ඩය සමග සමස්ත ශ්‍රී ලාංකීය කාන්තාවන් හා ළමුන්ට සුවබර දිවියක් ලගාකර දීමට 2025 නව වසර වෙනුවෙන් පුරවැසි ප්‍රතිඥාව සමගසෙත්සිරිපාය අමාත්‍යංශ  පරිශ්‍රයේ දී අද දින කටයුතු ආරම්භ කරන ලදී...


“ Clean Sri Lanka පුරවැසි ප්‍රතිඥාව/ දිවුරුම

 

අපි වර්ෂ 2025ට පය තබන්නේ රටේ සමස්ත පුරවැසියන්ගේ ම සිත් නැවුම් අපේක්ෂාවකින් පුරවමිනි.

 

රටක් ලෙස අපට මඟහැරුණු, සහජීවනය, ආර්ථික හා සමාජ සංවර්ධනය, නූතනත්වය සහ සංස්කෘතික ජීවිතය යලි අත්පත් කර ගැනීම එම අපේක්ෂාවයි.

 

අපි අපේ රට යළි ගොඩනැංවීමේ අභියෝගයට මුහුණ දිය යුතු බව දනිමු.

 

ක්ලීන් ශ්‍රී ලංකා යනු පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් නිර්මාණය කර ගැනීමේ අත්‍යවශ්‍ය, සාමුහිකව කැපවීමේ හා වගවීමේ ක්‍රියාවලියයි. ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව මෙම ජාතික වැඩසටහන හා එක්ව කටයුතු කිරීමට ප්‍රතිඥා/ දිවුරුම් දෙමු.

 

සෑම කටයුත්තකදී ම පුරවැසියන්ට උසස් සමාජ තත්ත්වයක් ළඟා කර දීමට ඉවහල් වන, එකමුතුකම, වගවීම, අරපිරිමැස්ම, විනිවිදභාවය හා සමානාත්මතාව යන කරුණු පරමාදර්ශයන් ලෙස පිළිපැදීමටත් එකී ප්‍රමිතීන් ආරක්ෂාකර ගනිමින් ගැටලු සඳහා විසඳුම් සපයා ගැනිමටත් කැපවෙමු.

 

අභිමානවත් ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් පොහොසත් රටක් නිර්මාණය කර ගැනීමටත්, ලස්සන ජීවිතයක් ළඟ කර ගැනීමටත් අවංකව හා එක්සිත්ව කැපවන බවට ගෞරව බහුමානයෙන් ප්‍රතිඥා/ දිවුරුම් දෙමු.