නවතම ප්‍රවෘත්ති

ආරක්ෂාකාරී නවීන පරිගනක, අන්තර්ජාල හා කෘතීම බුද්ධිය(AI) භාවිතය පිළිබද ප්‍රජා පාදක වැඩසටහන.

news-banner

සැලසුම් හා තොරතුරු  තාක්ෂණ අංශය මගින් 2025.11.20 දින වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ උක්ත පුහුණු වැඩසටහන පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ප්‍රධාන සම්පදායකත්වය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී විශ්‍රාමික කොමදෝරු නිරෝෂ් ආනන්ද මයා විසින් ලබා දුන් අතර වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති සුමුදු ගමගේ මයා විසින් ද වනාතවිල්ලුව පොලිස් කොට්ඨාසයට අදාළව පවතින නවීන තාක්ෂණය භාවිතයේ ගැටලු පිළිබඳ හා ඒවා වළක්වා ගැනීමේ ප්‍රජා පාදක මැදිහත්වීම පිළිබඳවත් සාකච්ඡාත්මක ප්‍රවේශයක් ලබා දුනි.

 එමෙන්ම, අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ ක්‍රියාකාරිත්වය හා රජයේ නව වැඩපිළිවෙළ යටතේ විනිවිද භාවයෙන් යුතු රාජ්‍ය සේවාවක් ඉටුකිරීමේ දී නිලධාරීන්ගේ වගවීම හා ප්‍රජාවගේ කාර්‍යභාරය පිළිබඳ දැනුවත් කිරීමක් අමාත්‍යාංශයේ සැලසුම්, මෙහෙයුම් හා තොරතුරු තාක්ෂණ අංශයේ  අධ්‍යක්ෂ ජනරාල් හා අමාත්‍යාංශ  අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානියා වන ජේ.පී.එස්. ජයසිංහ මයා විසින් සිදු කරන ලදී.

 එමෙන්ම, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් ගේ උපදෙස් සහ අධීක්ෂණය මත අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් පැමිණ සිටි ප්‍රජාවට උප්පැන්න සහතිකයක වටිනාකම පිළිබඳව දේශනයක් සිදු කරන ලද අතර හඳුනාගෙන ඇති උප්පැන්න සහතික නොමැති දරුවන් සදහා සහතික ලබා දීම කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කළ යුතු කාර්යයන් පිළිබඳව ද දැනුවත් කරන ලදී. මෙම වැඩසටහනට පෙර පැවැත්වූ වැඩසටහනින් හදුනාගෙන තිබූ ප්‍රදේශයේ උප්පැන්න සහතික නොමැති දරුවන් සිටින පවුල් 7ට  අමතරව තවත් දරුවන් 4 දෙනෙකු ද මෙදින හඳුනාගෙන උප්පැන්න සහතික ලබා දීම සදහා යොමු කරවීමට කටයුතු යොදන ලදී.

 මෙම ප්‍රජා පාදක වැඩසටහන සඳහා පුත්තලම දිස්ත්‍රික්  ලේකම්ගේ මැදිහත්වීම මත පුත්තලම දිස්ත්‍රික් නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කාන්තා සහ ළමා විෂයභාරව කටයුතු කරන මෙම අමාත්‍යාංශ යටතේ වන නිලධාරීන් රැසකගේ සක්‍රීය සහභාගීත්වය ලැබුනි. තවද, අමාත්‍යාංශ නිලධාරීන්, වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නිලධාරීන්, වනාතවිල්ලුව පෙරපාසල් ගුරුවරියන්, වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇතුළු ප්‍රජාවගේ සක්‍රීය සහභාගීත්වය මත වැඩසටහන සාර්ථකව සිදු කිරීමට හැකිවිය.