නවතම ප්‍රවෘත්ති

ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජීයභාවය හිංසනය වැළක්වීමේ ප්‍රජාපාදක වැඩසටහන්

news-banner
ලිංගික හා ස්ත්‍රී/පුරුෂ සමාජභාවීය හිංසනය වැලැක්වීමේ ප්‍රජාපාදක වැඩසටහන් පුත්තලම දිස්ත්‍රික්කය, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 

මෙම අමාත්‍යාංශයේ සැලසුම් හා තොරතුරු තාක්ෂණ අංශයේ මැදියත් වීමෙන් පුත්තලම දිස්ත්‍රකයේ වනාතවිල්ලුව ප්‍රාදේශී ලේකම් කොට්ඨාසය තුළ සිටින ඉලක්ක ගත පවුල් 300 වෙනුවෙන් කාලීන වැඩසටහනක් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී 2024.06.08 සෙනසුරාදා  දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා සාර්ථකව පවත්වන ලදී. 

සමාරම්භක උළෙල සඳහා ඕස්ට්‍රෙිලියානු  මහ කොමසාරිස් කාර්යාල නියෝජිතවරුන්, පුත්තලම දිස්ත්‍රික් ලේකම් නියෝජ්‍ය පොලිස්පති  පුත්තලම දිසාව, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්,  වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති, වනාතවිල්ලුව ප්‍රදේශයේ  පාසල්වල  විදුහල්පතිවරුන් රෝහල් කාර්යය මණ්ඩලය ඇතුළු වැඩසටහනේ සම්පත්දායක වරුන් සහභාගී විය. දරුවන්, දෙමාපියන්, පෙර පාසාල් ගුරුභවතුන් රෝහල් කාර්යය මණ්ඩල නිලධාරීන් හා සේවා අවැසි කණ්ඩායම් ඇතුළු 300 කට අධික සංඛ්‍යාවක් වැඩසටහන සඳහා සහභාගී විය. 

ප්‍රධාන දේශණය  වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන  මහතා විසින් පවත්වන ලදී. 

මෙම වැඩසටහනේ දී නවෝත්පාදන සමාජ සංවර්ධන පදනම ( Foundation for innovative social development) FISD) ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් හා සම්පත්දායකත්වයෙන් සහභාගී වූ දරුවන්  වෙනුවෙන් ආරක්ෂාව, රැකවරණය හා ගුණාත්මක සංවර්ධනයට අදාළ ක්‍රියාකාරකම් මාලාවක් පැවැත්වීමට කටයුතු යෙදින. 

ජංගම සේවාව - සමස්ථ  වැඩසටහන හා සමගාමීව දෙමාපියන් භාරකරුවන් හා ප්‍රජාව උදෙසා ජංගම සේවාවක් වශයෙන් මෙම අමාත්‍යාංශයේ කාර්යය භාරය හා සේවාවන් පිළිබඳව ඔවුන්ව අවශ්‍යතාවය පරිදි දැනුවත් කර සේවාවන් සඳහා යොමු කිරීමට ද කටයුතු කෙරිණ. 

රැකියා පොළ - ඒකල ජාඇල Elpis Lanka Pvt Ltd. ඇඟළුම් ආයතනයේ රැකියා පොළක් පැවැත්වීමට ද  කටයුතු  යොදා තිබුණු. 

ප්‍රජනන සෞඛ්‍ය හා පූර්ව විවාහ අපේක්ෂිත යුවල සඳහා දැනුවත් කිරීම - අමාත්‍යාංශය හා වනාතවිල්ලුව රෝහල්  කාර්යය මණ්ඩලය මඟින් සේවාව ලබාදීමට කටයුතු කර තිබුණි. උපදේශන සේවා පහසුකම් - අවශ්‍ය පවුල් උපදේශන සේවාවන් ලබාගැනීමේ පහසුකම් ද සපයා තිබුණි. දරුවන්, දෙමාපියන් භාරකරුවන් ඇතුළු  ප්‍රදේශයේ සේවා අවැසි ප්‍රජාව වෙනුවෙන් පැවති මෙම වැඩසටහන සියළු දෙනාගේ ප්‍රශංසාවට ලක්වූ අතර, මීට අදළ පසුවිපරම් වැඩසටහනක් ඉදිරියේ දී සූදානම් කෙරේ. 

This project is supported by Australia Awards Sri Lanka as a part of a small grand






















logo