නවතම ප්‍රවෘත්ති

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරුන්ගේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම

news-banner

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා  කොමසාරිස්වරුන්ගේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගරු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2023.11.15 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙහිදි පළාත් ළමාරක්ෂක කොමසාරිස්වරුන් සිය අත්දැකීම් හුවමාරුව සහ ඔවුන්ට පැන නැගි ඇති ගැටළු සවිස්තරාත්මකව සාකච්ඡාවට භාජනය විය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් යමුනා පෙරේරා මහත්මිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතා, සියලුම පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරුන්, සහකාර  / නියෝජ්‍ය පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරුන් සහ පළාත් නියෝජනය වන පරිදි ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

logo