නවතම ප්‍රවෘත්ති

ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා බහු-ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ වැඩමුළුම

news-banner

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය වැලැක්වීම සඳහා කෙටුම්පත් කරන ලද ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2024-2028) වලංගු කර ගැනීම සඳහා අන්තර් ආංශික දෙදින වැඩ මුළුව ඔක්තෝම්බර් මස 19 හා 20 දෙදින BMICH හි දී පැවැත්වූ අතර මේ සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි අන්තර්ගත අංශ නියෝජනය කරන අමාත්‍යාංශ හා පළාත් සභාවන්හි ඉහළ නිලධාරීන් සහභාගී විය.

මෙම අන්තර් ආංශික වැඩමුළුවේ අරමුණු වූයේ;

* ආංශික සැලසුම් (Sectorial Plans) වල ප්‍රතිපෝෂණය සහ වලංගුභාවය  අන්තර් ආංශික වශයෙන් බෙදා ගැනීම සඳහා පහසුකම් සැලසීම

* ජාතික ක්‍රියාකාරී සැලැස්මේ අධීක්ෂණ (Monitoring Model) ආකෘතිය/පද්ධතිය පිළිබඳ කෙටුම්පත සඳහා ප්‍රතිපෝෂණ ලබා ගැනීම

* ආංශික අමාත්‍යාංශ මගින් ඒකාබද්ධ වැඩසටහන් / ක්‍රියාමාර්ග අනාවරණය කිරීම.

මෙම යෝජිත ක්‍රියාකාරී සැලැස්ම ආංශික තාක්ෂණික කමිටු 18ක් ඇතුළුව අංශ 13කින් සමන්විත විය. සියළු ආංශික තාක්ෂණික කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් “වෙනස්කම්  පිළිබඳ න්‍යාය” (Theory of Change) කණ්ඩායම වෙත ඉදිරිපත් කරන ලදි. ඒ සමගම පොකුරු කණ්ඩායම් සාකච්ඡා කිහිපයක් ද පවත්වන ලද අතර ඉන් පසුව ඔවුන්ගේ ප්‍රතිපෝෂණ සහ වලංගු කිරීම් සඳහා ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.

තවද, මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම අධීක්‍ෂණය සහ   කෙටුම්පත් කරන ලද අධීක්ෂණ ආකෘතිය හා අන්තර් ජාතික හොඳම භාවිතයන් (International best practices) පිළිබඳව ද ඉදිරිපත් කිරීම්  කරන ලද අතර එයද සාකච්ඡාවට බඳුන් විය.

කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම්තුමිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත මහත්මිය විසින් මෙම වැඩමුළු අමතන ලද අතර සම්පූර්ණ වැඩමුළුවේ තාක්ෂණික හා මූල්‍ය දායකත්වය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල  (UNFPA) විසින් දරණ ලදි.






logo