නවතම ප්‍රවෘත්ති

පවුල් සවිබල ගැන්වීමේ ඒකාබද්ධ වැඩසටහන - නියමු ව්‍යාපෘතිය

news-banner

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ දිනය වෙනුවෙන් ක්‍රියාත්මක රටම එකට වැඩසටහන ට සමගාමීව කාන්තා  සහ ළමා කටයුතු අමාත්‍යාංශය මගින් 2026.06.26 දින මහරගම ප්‍රාදේශීය ලේනම් කාර්යාලය තුල ඒකාබද්ධ “පවුල් සවිබල ගැන්වීමේ” නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.

සමාජයක වැදගත්ම ඒකකය වන පවුල සවිබල ගැන්වීම සඳහා එම පවුල් ඒකක මගින්ම ලබා ගන්නා අදහස්, යෝජනා හා නිර්මාණශීලී උපායමාර්ග අනුව පවුල තුල ඇති ගැටළු ආමන්ත්‍රණය කරමින් ශක්තිමත් පවුල් පරිසරයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල හඳුනාගත් පවුල්වල සාමාජිකයින් හා පෙර පාසල් ගුරුවරියන්, හා නිලධාරින් ඇතුළු 70 ක් පමණ වැඩසටහන සදහා සහභාගී විය.

වැඩසටහනේ සම්පත්දායකත්වය රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දුමින්ද ගුරුගේ මහතා විසින් සැපයූ අතර, අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් ද වැඩසටහනට සහභාගී විය.

මහරගම ප්‍රාදේශීය ලේකම් නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ ආර්.ඒ.එන්. ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු නිලධාරින් ගේ සහභාගීත්වය මත වැඩසටහන සාර්ථකව පැවැත්වුණි.            

මෙම වැඩසටහන සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන සේ අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට  කටයුතු යොදා  ඇත.