නවතම ප්‍රවෘත්ති

ලිපි කළමනාකරණය හා දත්ත රැස් කිරීමේ පහසු ක්‍රමවේදයක් හඳුන්වා දීම

news-banner

සැලසුම් හා තොරතුරු තාක්ෂණ අංශය මගින් අමාත්‍යංශයේ දෛනික තැපෑල, ඊමේල්, වට්ස්ඇප් හා සෘජුව අතින් ලැබෙන ලිපි විධිමත්ව පවත්වාගෙන යාම අවධාරණය කරමින් සියලු අංශ සඳහා එක් ක්‍රමවේදයක් හඳුන්වා දීමට 2023.11.08 දින කටයුතු යෙදිණ

ඊට අමතරව මෙහිදී ශ්‍රේෂ්ඨ ගත දත්ත රැස් කිරීම පහසු කිරීම සඳහා KOBO මෘදුකාංගය භාවිතය පිළිබඳවද අංශ ප්‍රධානීන් ඇතුළුව නිලධාරීන්ට මූලික අවබෝධයක් ලබාදීමට කටයුතු යොදන ලදි.

ලේකම්තුමියගේ උපදෙස් මත පැවති මෙම වැඩසටහන සඳහා අංශ ප්‍රධානීන් ඇතුළු විෂයභාර නිලධාරීන් හැත්තෑවක් පමණ සහභාගී වූ අතර වැඩිදුර ප්‍රායෝගික පුහුණුව කණ්ඩායම් වශයෙන් ලබාදීමට ද කටයුතු ආරම්භ කරන ලදී.

මෙහි මූලික අරමුණ වනුයේ රාජ්‍ය වියදම් කළමනාකරණය කරමින් නව ක්‍රමවේද ඔස්සේ අත්‍යාවශ්‍ය රාජකාරි ගුණාත්මක හා ප්‍රශස්ත අයුරින් ඉටු කිරීමයි.

logo