නවතම ප්‍රවෘත්ති

ජාතික කාන්තා සතිය

news-banner
මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය විසින් ජාතික කාන්තා සතියක් ප්රරකාශයට පත් කොට ඇත.
"තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක් ” යන්න මෙවර කාන්තා දින ජාතික තේමාවයි. මාර්තු 02 වන දා සිට 08 වන දා දක්වා යොදා ඇති මෙම කාන්තා සතිය තුළ කාන්තාව නිරෝගීමත් කිරීම, දැනුවත් කිරීම, සුරක්ෂිත කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසළතා වර්ධනය කිරීම වෙනුවෙන් දීපව්යාප්ත වැඩසටහන් මාලාවක් ක්රියාත්මකයි.
📅2025.03.02
" කාන්තා ව්යවසායකත්වය මගින් ගොඩනඟමු දැය "
☑️ජාතික ආර්ථිකයේ කාන්තා දායකත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ක්ෂුද්ර හා කුඩා පරිමාණ ව්යවසායක කාන්තාවන් සඳහා ව්යවසායක දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය මෙන්ම ‘ඩිජිටල් ආර්ථිකය’ (Digital Economy) වෙත ප්රවේශය ඇති කිරීම සඳහා වැඩසටහන් පැවැත්වීම.
📅 2025.03.03
"කාර්යක්ෂම ශ්රම සම්පතක් - ගෞරවනීය වෘත්තීයක්"
☑️රැකියා වෙළඳ පොළ තුල කාන්තා දායකත්වය ඉහළ නැංවීම සඳහා රැකියා අවස්ථා හඳුන්වා දීම, පෙළඹවීම සහ විශේෂයෙන් පාසැල් හැරයන ගැහැණු දරුවන් සඳහා වෘත්තීය පාඨමාලා හඳුන්වා දීමට අදාළව වැඩසටහන් පැවැත්වීම.
☑️රැකියා ස්ථානය තුළ හිංසනයෙන් තොර වෘත්තීය තෘප්තිය තහවුරු කෙරෙන ආයතනික ව්යූහයක් ස්ථාපිත කිරීමට අදාළ වැඩසටහන් පැවැත්වීම.
📅 2025.03.04
" නිරෝගී කතුන් දැයට සවියකි "
☑️ කාන්තාවන් සඳහා සෞඛ්ය සායන, දැනුවත් කිරීම් සහ උපදේශන වැඩසටහන් සංවිධානය කර පැවැත්වීම.
📅 2025.03.05
" ක්ලීන් ශ්රී ලංකා "
☑️ " ක්ලීන් ශ්රී ලංකා " වැඩසටහන තුළ කාන්තා භූමිකාව ආකල්ප සංවර්ධනය තුළින් යහපත් කාන්තා පරපුරක් බිහි කිරීම.
☑️ මත්දව්ය උවදුර තුළින් කාන්තාවන් හා අනාගත දරු පරපුර සුරක්ෂිත කිරීම මුල්කරගත් සමාජීය වැඩසටහන් සහ ප්රාදේශීය මට්ටමින් ශ්රමදාන, පවිත්රතා වැඩසටහන් සංවිධානය.
📅 2025.03.06
"ප්රීතිමත් පවුලක් - වින්දනීය ජීවිතයක් "
☑️ කාන්තා කර්ය සංවිධාන සාමාජිකාවන්ගේ පවුලේ සියලු දෙනාගේ සහභාගිත්වය සමග රස වින්දනාත්මක වැඩසටහන් පැවැත්වීම.
📅 2025.03.07
" තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක්"
☑️ මෙම තේමාව යටතේ ජාත්යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය ගරු අග්රාමාත්යතුමියගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල, ‘සුහුරුපාය’ පරිශ්රයේ පැවැත්වීම.
📅 2025.03.08
"දැනවත් වෙමු කාන්තාව අයිතිවාසිකම් පිළිබඳව"
☑️කාන්තාව සහ ගැහැණු දරුවන් සම්බන්ධව ජාත්යන්තර හා ජාතික වශයෙන් ක්රියාත්මක නීති, අණ පනත් මෙන්ම ආයතනික සහායන් (උදා: 1929 හා 1938 Helpline) පිලිබඳ දැනුවත්භාවය ඇති කිරීම.
☑️නායකත්ව කුසලතා ඉහළ නැංවිමට අදාළ වැඩසටහන් පැවැත්වීම.