නවතම ප්‍රවෘත්ති

"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට" - ලෝක ළමා දින ජාතික උත්සවය - 2025

news-banner

"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට"

ලෝක ළමා දින ජාතික උත්සවය - 2025

⁣මෙවර ලෝක ළමා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත්කළ අතර අද (01) දින එහි සමාප්තිය සහ ලෝක ළමා දින ජාතික සැමරුම් උළෙල අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි.

ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙල ලෝක ළමා දින මුද්දරය සහ මුල්දින කවරය එළි දැක්වීම, ලෝක ළමා දිනයට සමගාමීව පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කළ සාහිත්‍ය තරඟාවලියේ නිර්මාණ එකතුවෙන් සකස් කළ "ක්ෂේම භූමි" සාහිත්‍ය නිර්මාණ සංග්‍රහය එළි දැක්වීම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධාන කළ "සිතුවිලි සිත්තම්" චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින්ගේ කුසලතා ඇගයීම සහ පැමිණ සිටි දරුවන් වෙත ක්‍රියාකාරකම් පාදක වැඩසටහනක් ඇතුළු අංග ගණනාවකින් සමන්විත විය.

ආදරණීය දරු දැරියන් පිරිවරා පැවති මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සමඟ කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, පාර්ලිමේන්තු කාන්තා සංසඳය නියෝජනය කරමින් කාන්තා මන්ත්‍රීවරියන්, රටවල් රාශියක් නියෝජනය කරමින් තනාපතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්,රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් එක්ව සිටියහ.