නවතම ප්‍රවෘත්ති

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදුවන හිංසනය පිටු දැකීමේ අරමුණින් ජාත්‍යන්තර දින 16 ක් නම්කර ඇත.

news-banner

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදුවන හිංසනය පිටු දැකීමේ අරමුණින් ජාත්‍යන්තර දින 16 ක් නම්කර ඇත. මෙම දින 16 “ස්ත්‍රීන්ට එරෙහි සියළු ආකාරයේ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමෙ ජාත්‍යන්තර දිනය” නොවැම්බර් 25 න් ආරම්භ වී “ජාත්‍යන්තර මානව හිමිකම් දිනය " වන දෙසැම්බර් 10 වෙනි දිනයෙන් අවසන් වේ. මෙම කාලය තුල අන්තර්ජාතික වශයෙන් හිංසනය තුරන් කිරීමේ විවිධ වැඩසටහන් සිදු කරනු ලබයි.  ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි  අන්තර් ජාතික දින 16  පිළිබඳව 2026 වර්ෂයේ අන්තර්ජාතික තේමාව වනුයේ “කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහි හිංසනය අවසන් කිරීමට එක්වෙමු යුක්තිය තහවුරු කරමු, වින්දිතයන් සුරකිමු, දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතිය අවසන් කරමු” යන්නයි.

මෙවර අන්තර් ජාතික දින 16 තේමාව සහ අමාත්‍යාංශය මඟින් සිදු කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව 2026.11.23 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කරන ලදී. ඒ සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය ගරු සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය හා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ගරු නාමල් සුදර්ශන මහතා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය සහභාගී වන ලදී.