නවතම ප්‍රවෘත්ති

දරුවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම පිළිබඳ සාර්ක් කලාපීය සමුළුව (SAIEVAC)

news-banner

දරුවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම පිළිබඳ සාර්ක් කලාපීය සමුළුව (SAIEVAC), දකුණු ආසියාවේ ළමා ශ්‍රමය අවසන් කිරීම සහ ළමා හා තරුණ පිරිසගේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරමින් දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම පිළිබඳ ළමා උපදේශන වැඩසටහනක් 2024.02.27 හා 28 දෙදින තුළ භූතානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ළමා සභාවේ සභාපති මෙත්ම ප්‍රභාෂණ සහ සම ලේකම් රණා සුක්රා සහභාගීවීමට නියමිතය.

මෙම දරුවන් සමඟ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි අයි.එම්.ටී.එන් ප්‍රියංගිකා මහත්මිය හා ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර ඩබ්.එම්.ඩබ්.එන්.සී.ගයාෂාන් මහතා  සහභාගී වීමට නියමිතය.


logo