නවතම ප්‍රවෘත්ති

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් කරගත් හිංසනය වැළැක්වීම සඳහා උපාය මාර්ග සංවර්ධන වැඩමුළුව

news-banner

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් සියළු පාර්ශවකරුවන් සහ ජාත්‍යන්තර සම්පත් දායකයන් සමඟ එක්ව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ උපාය මාර්ග සැකසීම සඳහා දෙදින වැඩමුළුවක් ඔක්තෝම්බර් 17 සහ 18 යන දෙදින තුල කොළඹ 02, Marriott හොටෙල් සංකීර්ණයේදී පැවැත්විණි. වැඩමුළුවේ සමස්ත අරමුණ වූයේ SGBV ඉවත් කිරීම සඳහා බහු ආංශික, ඉවත්කිරීමේ උපායමාර්ග සංවර්ධනය කොට ජාතික, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම් වලට දැනුවත් කිරීමයි. SGBV වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රධාන ජාතික ආයතනයක් ලෙස කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීමට දායකත්වය ලබා දෙන ලදි.






logo