නවතම ප්‍රවෘත්ති

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය - 2024

news-banner

ඇයට ශක්තිය - දැයට ප්‍රගතිය" යන තේමාව පෙරදැරි කර ගනිමින් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය ගරු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී  කුමාරසිංහ මහත්මිය ගේ ආරාධනයෙන්    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන්  2024.03.08 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.

තෝරාගත් කාන්තා මධ්‍යස්ථාන 5ක් සඳහා ත්‍රිවිල් රථ 05 ක් සහ පරිගණක යන්ත්‍ර 05ක් බෙදා දීම, Forever ආයතනය මඟින් රු. 150,000ක් බැගින් වූ ශිෂ්‍යත්ව 03 ක් ලබා දීම, සමෘද්ධි ණය සහතික පත්‍ර ප්‍රදාන සහ තිළිණ ප්‍රදාන ඇතුළු වැඩසටහන් රාශියක් මෙම උත්සවයට ඇතුළත් විිය.

මෙම අවස්ථාව සඳහා ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, ගරු වනජීවි සහ වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි මැතිණිය, ගරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමා, ගරු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණිය, ගරු සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මැතිතුමා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මැතිතුමා, Forever ආයතනයේ සභාපතිනි චාන්දනී බණ්ඩාර මහත්මිය, අමාත්‍යංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, තානාපතිවරුන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන්, දෙස් විදෙස් නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විිය.













logo