නවතම ප්‍රවෘත්ති

ස්ත්‍රී- පුරුෂ සමාජභාවය පිළිබදව හා ලිංගිකත්වය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය යන තේමාව මුල්කරගෙන පැවැත්වූ දේශනය

news-banner

ස්ත්‍රී- පුරුෂ සමාජභාවය පිළිබදව හා ලිංගිකත්වය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය යන තේමාව මුල්කරගෙන පැවැත්වූ දේශනය

අමාත්‍යාංශයේ කාන්තා හා ළමා අංශයේ සැලසුම් හා තොරතුරු තාක්ෂණ ඒකකය මගින් සංවිධානය කරනු ලැබූ නිලධාරීන්ගේ කුසලතා යාවත්කාලීන කිරීම හා දැනුවත් කිරීම යන තේමාව යටතේ ඉටු කෙරෙන වැඩසටහන් මාලාවක දෙවන වැඩසටහන 2024 මාර්තු මස 27 දින දී සෙත්සිරිපාය දෙවන අදියර, බත්තරමුල්ල, 6වන මහල ශ්‍රවණාගාරය තුල නිලධාරීන් 110 කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායක වශයෙන් ව්‍යවහාරික විද්‍යාපීඨය, රජරට විශ්ව විද්‍යාලයේ පීඨාධිපති හා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා විසින් ස්ත්‍රී- පුරුෂ සමාජභාවය පිළිබදව හා ලිංගිකත්වය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය යන මූලික තේමාව මුල්කරගෙන දිගු දේශනයක් පවත්වන ලදී.

පස්වරුවේ පැවති දේශනය සදහා සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය යසෝමා වීරසේකර මහත්මිය විසිනු යි. එම වෛද්‍යතුමිය ශ්‍රී ලංකා පිළිකා මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් ලෙස කටයුතු කරනු ලබන අතර,  ඉතාම කාලීන මාතෘකාවක් වන ශ්‍රී ලංකාවේ පිළිකා හා අනෙකුත් බෝ නොවන රෝග සහ කාන්තාවන් හා ළමුන් කෙරෙහි එහි බලපෑම පිළිබදව සාකච්ඡා කරන ලදී. 

නිලධාරීන් බහුතරයක් වැඩසටහන මගින් ලැබුන දැනුම හා ප්‍රයෝජනවත් බව ඇගයීමට ලක් කරන ලදී.

දැනුම සදහා වැඩිදුර කියවීමට

1ඔබ විසින් ඔබ වෙනුවෙන් 

2. ඔබගේ වටිනා ජීවිතය වෙනුවෙන් 

3. ශ්‍රී ලංකාව තුල බහුල පිළිකාකාරක 


        

         

   





logo