නවතම ප්‍රවෘත්ති

ඔබ අයිති රටටයි - මුළු රටම ඔබටයි

news-banner

අද (14) දින කාන්තා සහ ළමා කටයුු අමාත්‍යාංශය විසින් සංවිධාන කළ ආයතනික රැකවරණය හෝ භාරකාරත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාව ලබා⁣දීමේ "අර්ථ" වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැවිණි.

මේ සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් ගරු අමාත්‍ය සරොජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය, අධ්‍යක්ෂ (සැළසුම්) සුභාෂිණි කහටපිටිය මහත්මිය, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු කොමසාරිස් ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය සහභාගී වූ අතර මෙරට මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් එක්ව සිටියහ

 "සුරක්ෂිත ළමා ලෝකයක් - නිර්මාණශීලී අනාගත පරපුරක්" යන්න දැක්ම කරගනිමින් ජනාධිපතිතුමා ප්‍රමුඛ  රජය විසින් ගෙන යනු ලබන වැඩ පිළිවෙළෙ හි වැදගත් සන්ධිස්ථානයක් ලෙස පවුල් පාදක රැකවරණය හෝ නිසි භාරකාරීත්වයක් අහිමි වීම හේතුකොටගෙන ආයතනගත රැකවරණයේ වන දරුවන් හට රු: 5,000/= මාසික ජීවන වියදම් දීමනාවක් ලබා දීම සඳහා 2025 ජාතික අයවැය මගින් රු.මි. 1000 ක ප්‍රතිපාදන වෙන් කිරීම දැක්විය හැක. ⁣

මේ වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයත් ඒ හා අනුබද්ධිත පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවත් එක්ව නිර්මාණය කළ "අර්ථ" වැඩසටහන මගින් හෙට දිනයේ පටන් එම දරුවන් ප්‍රතිලාභීන් බවට පතකරනු ඇත.