එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පාරිසරික, සාමාජීය හා ආර්ථික වශයෙන් වඩාත් හිතකර දිගු කාලීන සංවර්ධනයක් අරමුණු කර ගනිමින් තිරසර සංවර්ධන අරමුණු හඳුන්වා දී ඇත. ඒ අනුව, 2015-2030 දක්වා මූලික පරමාර්ථ 17 ක් ඔස්සේ රටවල් විසින් හඳුනා ගත් අරමුණ අත්පත් කර ගැනීමට සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතී.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ඍජුව සිය විෂය පථයට ගැනෙන තිරසර සංවර්ධන අරමුණු අංක 05 එනම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ළඟා කර සියලු කාන්තාවන් සහ ගැහැනු ළමුන් සවිබලගැන්වීම සඳහා කටයුතු කරයි. තිරසර සංවර්ධන සභාවේද පූර්ණ සහයෝගය ඇතිව අප අමාත්‍යාංශය ද මෙම අරමුණු අංක 05ට අයත් ඉලක්ක සපුරා ගැනීම සඳහා අදාළ සියලු රේඛීය අමාත්‍යාංශ හා එක්ව කටයුතු කෙරේ.